වාරි සෞභාග්‍යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ග්‍රාමීය වැව් සහ අමුණු 1,400ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේනවා .

දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සෑහිමකට පත්විය හැකි මට්ටමක අඩුවී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

දුම්රිය පාඩු ලබන සේවාවක් බවට ඇතැම් පාර්ශ්ව හුවා දක්වන්නේ බස් ගාස්තුවට වඩා තුන් ගුණයකින් අඩු මිලකට ප්‍රවේශ පත්‍ර නිකුත් කර සේවා සැපයීමෙන් යැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවැසීය.

විදෙස් රටවල සිට ලංකාව හරහා තවත් රටකට යාමට පැමිණෙන විදේශිකයන්ට කටුනායක ගුවන් තොටුපළේ තීරු බදු රහිත වෙළෙඳසල් හා ආපන ශාලා තිබෙන කලාපයට පැමිණීමට මෙම සතියේ සිට අවසර ලබාදී ඇත.

දැනට දිවයින පුරා පවතින කොවිඞ් වසංගත හේතුවෙන් රෝගීන් සහ මෘතදේහ ප‍්‍රවාහනය කිරීම සදහා ගිලන්රථවල අවශ්‍යතාව ඉතාමත් ඉහළ ගොස් ඇති නිසා විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථ කඩිනමින් අලූ‍ත්වැඩියා කර ධාවනයට සුදුසු අයුරින් සකස් කොට ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් වී ඇත.

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට ඊයේ (06) දින උපදෙස් දී ඇත.

හම්බන්තොට ප්‍රදේශයේ වයස අවුරුදු 20 ත් 30ත් අතර තරුණ තරුණියන් සඳහා ලබාදෙන්නේ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවය.

ආදායම් අහිමිවූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීම සම්පූර්ණයෙන් ම අවසන් කර ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය පවසා සිටියි.

ld add copy

Latest News

Connet With Us