පසුගියදා ශ්‍රී ලංකාවේ රජය මගින් වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නැවැත්වීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය ප්‍රකාශ කර ඇත්තේ එම සමාගම්වල නිත්‍යානුකුල අයිතීන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය අවධානය යොමු කළ යුතු බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) බ්‍රිතාන්‍යය බලා පිටත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ක්‍රිස්නෝනිස් මහතා පත් කර තිබේ.

රාජ්‍ය මිල දී ගැනීම් අධීක්ෂණයට හා විගණන කටයුතු සඳහා අලුතින් ස්වාධීන කොමිෂන් සභා දෙකක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා තිබූ ස්වාධීන කොමිෂන් සභා පහට අමතරව පිහිටුවන මෙම කොමිෂන් සභා දෙක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා යැයි කියමින් අද මහනුවර නගරයේ පැවැති ‍රැළිය එම සංවිධායකයන් බලාපොරොත්තු වූ තරමේ අහලකටවත් ගැනීමට සමත් වී නැත. මෙම ‍රැළිය සඳහා මහින්ද රාජපක්ෂට ආරධානා කළ මුත් ඔහු මඟුල් ගෙයක් තිබෙනවා යැයි කියමින් ඒ මඟ හැර තිබේ.

ඖෂධ පනත සම්මතයි

Published in පුවත්
Friday, 06 March 2015 17:33

ජාතික ඖෂධ පනත හෙවත් 'ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව 'වැඩි ඡන්ද 67 න් පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන නව වනදා සිට නාවික හමුදා මූලස්ථානයේ රාජකාරියට වාර්තා කරන ලෙස නාවික හමුදාව දැනුම්දී අැත.

මෙවර උසස්පෙළ විභාගය සදහා තාක්ෂණ විෂය ධාරාව යටතේ මුහුණ දෙන සිසුන්ගේ ශිෂ්‍ය අයිතිවාසිකම් අහිමි කිරීමක් සිදුවන බව පවසමින් ශිෂ්‍යයින් අද (06) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවූයේය.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us