ඇවන්ගාර්ඩ් බොරු චෝදනාව දැන්වත් නවත්තන්න..(Video) Featured

Published in පුවත්
Saturday, 14 December 2019 15:07

ඇවන්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක සමාගමට එරෙහිව පසුගිය යහපාලන ආණ්ඩුව විසින් එල්ල කරන ලද චෝදනා අසත්‍ය බවට ඕනෑතරම් සාක්ෂි තිබියදීත් මේ දක්වා එම චෝදනාවලින් එම ව්‍යාපාරය ගලවා ගැනීමට වත්මන් ආණ්ඩුව ද තවම කටයුතු කර නැත.

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ නීතිපතිවරයා විසින් හදිස්සියෙම අධිචෝදනා ‍රැසක් ගොනු කරමින් අලුත් නඩුවක්ද පවරනු ලැබුවේ දේශපාලනික අවශ්‍ය තාවය මත බවට දේශපාලන ආරංචි මාර්ග විසින්ද තහවුරු කරනු ලැබූවකි. නිශ්චිත සාක්ෂි කිසිවක් නොමැතිව යහපාලන ආණ්ඩුව විසින් මෙම ව්‍යාපාරික සමාගමට එරෙහිව ගොඩ නගන ලද චෝදනා රැසකින්ම එම සමාගම නිදොස් වී තිබිණි. එම ආණ්ඩුව ගත් ඇතැම් නීති විරෝධී ක්‍රියාමාර්ග හේතුවෙන් එම සමාගමට වන්දි ගෙවීමට පවා එම ආණ්ඩුවට සිදුව තිබිණි.

ඇවන්ගාර්ඩ් සමාගමට එරෙහිව කවුරු කවර චෝදනාවන් එල්ල කළද එම ආණ්ඩු සමයේදීත් ආරක්ෂක අමාතයංශයට එම සමාගම සමඟ ගනු දෙනු කිරීමටද සිදුව තිබිණි. ඒ මුහුදු ආරක්ෂක කටයුතු වෙනුවෙන් මෙරටින් නිකුත් කරන අවි තැන්පත් කිරීමට ඇවන්ගාර්ඩ් සමාගම සතු රතු මුහුදේ පිහිටි පාවෙන අවි ගබඩාවේ පහසුකම් ලබා ගැනීමටය. එම සමාගමට එරෙහිව තිබෙන චෝදනා පුස්සක් බව ආරක්ෂක අමාත්‍යංශ ඇතුලු රටේ දේශපාලන ප්‍රධානින් දැන සිටි සත්‍යයක් නමුදු ආණ්ඩුවේ ඇමැතිවරු කිහිප දෙනෙකුගේ දැඩි බලපෑම මධ්‍යයේ සමාගමට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට සිදුව තිබුණු බව පැවැසීම වඩා සාධාරණ කරුණකි.

සමාගමේ සභපති නිශ්ශංක සේනාධිපතිව සහ පසුගිය රාජපක්ෂ සමයේ සිටි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වත්මන් ජනපති ගොඨාභය රාජපක්ෂව අත් අඩංගුවට ගැනීමත් එම ව්‍යාපාරය බංකොළොත් කර එම ව්‍යාපාරික අවස්ථාව තමන් වෙත ලබා ගැනීමට ඇතැමුන් ගත් උත්සාහයන් නිසා වඩාත් හානී වූයේ මේ රටටය. විදේශගත ශ්‍රමිකයන් සහ තේ, ඇඟලුම් වැනි අපනයනයන් හරහා මෙරටට ගෙන ආ විදේශ විනිමය හැරුණු විට රටට වැඩිම විදේශීය විනිමය ප්‍රමාණයක් ගෙන ආ ව්‍යාපාරික සමාගමක් වේ නම් ඒ ඇවන්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක සේවයයි. එසේම එම‍ඟින් සෘජු රැකියා 5000 කට ආසන්න ප්‍රමාණයක් බිහිකර තිබූ අතර ඉන් යැපුනු ප්‍රමාණය දස දහස් ගනනකි. මේ සියල්ල යහපාලන ආණ්ඩුවේ උද්දච්ඡ තක්කඩි ඇමැතිවරුන් කිහිප දෙනෙකුත් ජනතා විමුක්ති පෙරමුණත් මෙම සිරස මාධ්‍ය ආයතනයේ අහිමි කරු කිලී මහරාජා විසින්ද විනාශ කරනු ලැබීය.

යහපාලන ආණ්ඩුව සද්භාවයෙන් කටයුතු කළා නම් කළ යුතුව තිබුණේ එම ව්‍යාපාරය ගැන සොයා බලා යම් ලෙසකින් හෝ නීත්‍යානුකූල නොවන කටයුත්තක්, සිදුව තිබුණේ නම් ඒ නිවැරදි කර, රජයට වැඩි ආදායම් අවස්ථාවන් උදාකරගෙන මෙම ව්‍යාපාරය පවත්වාගෙන යෑමට පහසුකම් සැලසීමය. ඩොලර් ඉල්ලමක් වූ මෙම ව්‍යාපාරය හිටි අඩියේ අහෝසි කර දැමීමේ මරි මෝඩ ක්‍රියාමාර්ගය නොකළ යුතුව තිබුණකි.

අනෙක් කාරණය මෙය ඇවන්ගාර්ඩ සමාගම පමණක් තනිව කළ ව්‍යාපාරයක් නොවීමය. ආරක්ෂක අමාත්‍යංශයේ අනුබද්ධ සමාගමක් වන රක්නා ලංකා සමාගම සමඟ ඒකාබද්ධව පවත්වාගෙන යන ව්‍යාපාරයක් වීම තුල රජයේ මැදිහත් වීමද එහි අධීක්ෂණයද මෙම ව්‍යාපාරය හා සම්බන්ධව තිබිණි. ව්‍යාපාර ලාබයෙන් ලොකු කොටසක් රජයට ලැබී තිබුණේ රජයේ මුදල් සත පහක්වත් මේ වෙනුවෙන් වැය නොකරය. එසේම තවත් දැවැන්ත ව්‍යාපාර ගනනාවක් මේ හරහා ගොඩ නැගීමටද සැලසුම් කර තිබිණි. ඒ සියල්ල විදේශ විනිමය රටට ගෙන එන ධන උල්පත් විය.. ඒ සියල්ල විනාශ කෙරිණි.

මේ ගැන අප මිට පෙර ඕනෑ තරම් දේ පෙන්වාදී ඇති අතර වත්මන් ආණ්ඩුව මේ සිදුවු අකටයුත්ත නිවැරදි කළ යුතුය. විශේෂයෙන්ම වත් මන් ජනාධිපතිවරයා එවකට ආරක්ෂක අමාතයංශ ලේකම් වරයා ලෙස මෙම ව්‍යාපාරික අවස්ථාව බිහිකර රටට ආදායම් ගෙන ඒමට මුල් වූවෙක් ලෙස මේ ගැන නිසි තීන්දුවක් ගත යුතුව තිබේ.

හිටපු ජනාධිපතිවරු, කැබිනට් අමාත්‍යවරු, ආරක්ෂක ලේකම්වරු, නීතිපතිවරු, සොලිසිටර් ජනරාල්වරු, නාවික හමුදාපතිවරු සහ ජනාධිපති කොමිෂන් සභාව, ඇවන්ගාඩ් ආයතනය විසින් ගාලු වරායේ පවත්වාගෙන ගිය "මහනුවර" පාවෙන අවි ගබඩාව ගැන දැක්වු අදහස් පිළිබඳ  සම්පුර්ණ වීඩියෝව 

 



සැබැඳි පුවත්:

යහපාලනය රෙදි නැතිව නාගන්නා ඇවන්ගාර්ඩ් කතන්දරයේ සාරාංශය ...

මහාචාර්ය විජේසූරිය..,මේ අභියෝගය බාරගන්න ! සැඟවී පලා යන්න එපා.. 

ඇවන්ගාඩ් අල්ලස් සිද්ධිය : චුදිතයන්ට ඇපදීම නිවැරදි බව මහාධිකරණය තීන්දු කරයි 

ආණ්ඩුව පචවෙයි. ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය කොල්ලකෑවාට මිලියන 840 වන්දි ගෙවන්න සිදුවෙයි. ... 

 ලංකාවේ බොරු කුඩුකර, ඇවන්ගාර්ඩ්ට යුරෝපයෙන් 'සොක්‍රටීස්' සම්මානය ! ... 

ඇවන්ගාඩ් චෝදනාත් දේශපාලන න්‍යායපත්‍රයක් මත කෙරෙන බවට ජනාධිපතිගෙන් දෝස්මුරයක් 

 විදේශ ගුවන් නියමුවන්, නාවික කපිතාන්වරු ලංකාවේ වැඩට බය වෙයි 

ආරක්ෂක අමාත්‍යංශයේ 'රෝ' ඔත්තුකරුවෙක් !

ඇවන්ගාර්ඩ් වන්දිය: නාවික හමුදාව රු බිලියන 2 යි, රක්නාලංකා ඩොලර් බිලියන 12යි ... 

ෆොන්සේකා අල්ලස් කොමිසමට යයි, පිස්සු නැත්නම් ෂෝක් 

ඇවන්ගාර්ඩ්ගෙන් සල්ලි ගත්තු බව රාජිතගේ මිතුරා පිළිගනී (හඬපටය) ... 

ඇවන්ගාඩ් 'හොර අවි' වලින් නාවික හමුදාව බිස්නස් කරන්නේ කොහොමද?

ඇවන්ගාර්ඩ් සමඟ රජය අලුත් ගිවිසුමක් ගහලා ? ... 

ඇවන්ගාර්ඩ්ට ගෝඨා සැලකුවේ මිලියන 500ක අල්ලසක් නිසාලු ... 

 ඊළඟට, ඇවන්ගාඩ් බ්ලැක් ලිස්ට්. මහරාජාට හා ඇමැතිවරයාට ඉඩ 

ඇවන්ගාර්ඩ් ප්‍රශ්නය සමථයකට, තවත් සමාගම්වලටත් අවස්ථාව දෙයි ... 

තිලක් මාරපන ඉල්ලා අස්වන ලකුණු 

ඇවන්ගාර්ඩ්ගෙන් සල්ලි ගත්තු මාධ්‍යවේදීන්, දේශපාලකයන්, ජවිපෙ හෙළිකරන්න යයි ! ...

 පාවෙන අවිගබඩා ව්‍යාපාරය මහරාජාට ! රුවන් උගුලක, අර්ජුන ගිනි පිබියි, අනුර හොරි කසයි. 

 පාවෙන අවි ගබඩාව නිත්‍යානුකූල බව පිළිගනී 

ඇවන්ගාර්ඩ්ට එරෙහි චෝදනා; නිශ්ශංක රහස් හෙළි කිරීමේ සූදානමක ... 

Last modified on Saturday, 14 December 2019 15:17

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us