ජනාධිපතිවරණයෙන් ජයගන්නා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව, එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවක් විය හැකි බවත්, එවැනි ආණ්ඩුවක විපක්ෂ කාර්ය භාරය පැවරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සාමාජික හා සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා පවසයි.

අද විදේශ සේවයේ ඉන්නේ 'ඩීල්' කාරයන් බවත්, ඔවුන් එක්සත් ජාතික පක්ෂය සමග ද 'ඩීල්' දමන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

බොදු බල සේනා සංවිධානය ඉදිරිපත් කර ඇති බෞද්ධ රාජ්‍යයක් සඳහා වූ යෝජනාවලිය සම්බන්ධයෙන් එම සංවිධානය හා එක්සත් ජාතික පක්ෂය අතර ළඟදීම සාකච්ජා ආරම්භවීමට නියමිතව ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය වාර්තා කරයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලක් විවෘත කිරීම සඳහා අද (05) එම විශ්වවිද්‍යාල භූමයට අතුළුවීමට උත්සාහ දැරූ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාට විශ්විද්‍යාල සිසු සිසුවියන්ගේ දැඩි විරෝධය එල්වී ඇති අතර අමාත්‍යවරයා සිසුන් සමග බහින්බස්වීමට යාම හේතුවෙන් එහි උණුසුම්කාරී තත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

මේ දිනවල කතා බහවන ජනාධිපති වරණය ඉතා සීමිත පිරිසකට හැර රටේ ජනතාවට කිසිඳු වැදගත් කමක් නැති ජනාධිපතිවරණයක් බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

මේ වසරේ දී පොලිස් නිලධාරින් එක්දහස් හයසිය තිස් පහකට උසස්වීම් ලබාදීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

තමනට වැඩ කරන්නට නොදෙන්නේ නම් තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමෙන් පලක් නොවන බව ඇමති මර්වින් සිල්වා මහතා පවසයි. 

මීට අට වසරකට පෙර සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් ඉවත් කෙරුණු ප්ලූටෝ නැවතත් ග‍්‍රහ ලෝකයක් ලෙස නම් කිරීම පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය යොමුවී තිබේ.

 

ld add copy

Connet With Us