මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත සමුගැනීමක් සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටීම, මාධ්‍ය මඟින් අනාවරණය වීම නිසා මේවන විට සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයම අකර්මන්‍යවී පවතින බව වාර්තාවේ.

2012 වසරේ අභිරහස් ලෙස මිය ගිය බව කියන ප‍්‍රසිද්ධ රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුදීන් මහතාගේ මළසිරුර විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.

විල්පත්තුවේ සිදුකල නීති විරෝධී වනාන්තර කැපීම් සහ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් අට දෙනෙකුට අභියාචනාධිකරණය අද (04)නොතීසි නිකුත් කළේය.

සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවලගේ ගෝල්ඩන් කී තැන්පතු සම්බන්ධයෙන් පැවැති සියලු නඩු කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (4) තීරණය කළේය.

තරුණ කණ්ඩායම් හිටපු ජනපති මහින්ද රාජක්ෂ මහතා පරාජය කිරීමට ඡන්දය ලබාදුන්නේ 88, 89 කාලයේ මෙරට සිදුවූ භීෂණ පිළිබඳ තිබූ නොදැනුවත්කම නිසා යැයි සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා කොළඹ ජාතික පුස්තකාලයේ දී ඊයේ (3) පැවති කලාකරුවන්ගේ හමුවකදී පවසා ඇත. එසේම, එම ඉතිහාසය හොඳින් විමසීමෙන් පසුව මෙවර මැතිවරණයේදී නිවැරදි තීන්දු ගැනීමට කටයුතු කරන්නැයි ද මෙරට තරුණ කණ්ඩායම් වලින් මෙන්ම සමස්ත ජනතාවගෙන් ඉල්ලා ඇත.

විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍ය එකක වෙත රැගෙන එන ලද වලසුන් සිවුදෙනෙක් වනජීවී සංරක්ෂණයේ අරමුණුවලට පිටුපාමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත පැවරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරමින් සිටින බව අප සංගමයට දැනගැනීමට ලැබී ඇත. උඩවලව ඇත් අතුරු සෙවන අනුබද්ධ වනජීවී රෝහලේ ප්‍රතිකාර ලැබූ වලසුන් තිදෙනෙක් හා ගිරිතලේ සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ ප්‍රතිකාර ලැබූ එක් වලසෙකු මේ ආකාරයෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිතය.

දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුමක් ඉදිරිපත් නොකළහොත්, ජාතික රජයට එක් නොවන්නෙමු. මෙවැනි පසුබිමකදී, පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී උතුරු සහ නැගෙනහිර පළාත් වලින් ආසන 20 ක් ජයග්‍රහණය කිරීමට හැකිය යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

ලිට්රෝ සමාගම පෞද්ගලිකකරණය කිරීමේ සූදානමක් ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා සිදු කළ පදනම් විරහිත ප‍්‍රකාශයෙන් සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ලිට්රෝ සමාගම ඒ මහතාට එන්තරවාසි යවා තිබේ.

KJ 300 250 

ld add copy

Latest News

ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ලාංකිකයෙක් පත්කෙරේ

ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ලාංකිකයෙක් පත්කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අත...

Connet With Us