දරුණු මීනීමරුවකු සොයන අන්දමින් නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් පාසල් ශිෂ්‍යයකු වූ තම අහිංසක පුත්‍රයා දැරිය ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිදු කළ අසාධාරණයට වග කියන්නේ කවරෙකු දැයි එම සිසුවාගේ මව වන කොටදෙණියාව අකරන්ගහ පදිංචි පුෂ්පා ශ්‍රියානි මහත්මිය විමසන්නීය. 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා ඉකුත් 16 වැනිදා නිවසේ නිදා සිටියදී අත්අඩංගුවට ගැනීමට නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ කටයුතු කර තිබිණි.

පිකටින් ෆන් එක

Published in පුවත්
Wednesday, 23 September 2015 14:41

සරුංගල් තැනෙන්නේ බිමය. නමුත් යැවෙන්නේ අහසටය. සරුගලයත් බිමත් අතර බැඳීම සියුම් නූලකිනි. මේ බැඳීම ලිහීගිය පසුව සරුංගලය ඔහේ පාවීගොස් ගසක් හෝ ලයිට් කණුවක් වැනි ඉහළ යමක් මත රැඳේ. නැතිනම් වෙලක හෝ වළක වැටේ. සමහරවිට වෙනෙකෙකු විසින් අහුලාගෙන නැවත උඩ යවනු ලැබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ගේ ඝාතනය හා එම අරගලයේදී මියගිය 60,000 ක් පමණ වන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවට මේ දිනවල වන කතිකාව පෝෂණය කළ හැකි ලිපියක් අපවෙත ලැබී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවෙන් අන්ත නරකක්ම වෙතැයි සිතූ තත්වයක් තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවට රටක් වශයෙන් අපේක්ෂා කළ හැකි ප්‍රශස්තය දැන් ලැබී තිබේ. එනම්, සිදු වී යැයි කියන යුද අපරාධ ගැන පරීක්ෂා කිරීමට දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමයි. පිහිටුවනු ලබන දේශීය සත්‍ය කොමිසමක් ඉදිරියේ රටක් වශයෙන් සත්‍යයම මිස වෙන කිසිවක් නොකියන බවත්, සත්‍යය සහ කඳුළ තුළින් ජාතික සංහිඳියාව සොයා යන බවත් අපේ විදේශ අමාත්‍ය මංගල සමරවීර, පසුගිය සඳුදා ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ප්‍රතිඥා දුන්නත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට තිබුණේ ඊට තරමක් වෙනස් මතයකි.

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ උදවියට ලබාදී තිබුණු වැලිසර නාවික හමුදා කඳවුරේ විවාහක නාවික නිලයන්ට අයත් නිවස තවත් මාස 6 ක කාලයක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා බලධාරීන්ට උපදෙස් ලබාදී ති‍බේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කැඩීම හා නැවත එවැනි තත්වයක් ඇති නොවීම සඳහා වන නිර්දේශ ඇතුලත්ව කරන ලද වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතු බව කුරුණෑගල දිස්තික් පාර්ලිමේන්තු මන්තීඉ මහින්ද රාජපකෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන සංවේදී සිදුවීම් වාර්තාකරණය පිළිබඳ විවෘත සංවාදය හෙට(23) සවස 3ට බොරැල්ල නගරෝදය ශාලාවේදී පැවැත්වේ.

විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස අද දින සිට කටයුතු කිරිමට සැලසුම් කර ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ද්‍රවිඩ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායකයා ලෙස පිළිගැනිමට තිරණය කර තිබේ.

ld add copy

Connet With Us