හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඉන්දු - ඔස්‌ට්‍රේ‍ලියානු භූ තලය ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන අස්‌ථායි භූ තල විභේදන කලාපය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ දැවැන්ත භූ කම්පන සිදුවීමේ අවදානමක්‌ පවතින බව භූ විද්‍යාඥ මහාචාර්ය සී. බී. දිසානායක මහතා මාධ්‍යවෙත පවසා තිබේ.

නීති විරෝධී ලෙස රඳවාගෙන සිටි අලි පැටවුන් 15 දෙනෙකු පමණ මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් තිදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් 28 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත.මෙසේ මාරු කළ නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරු 11 දෙනෙක්‌ සහ පොලිස්‌ ස්‌ථානාධිපතිවරු 14 දෙනකු සිටිති.

තවත් මසකින් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට සිය තැන්පතු ලබා දීම ආරම්භ කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හෙට (15) කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් අත්සන් තැබිමට නියමිතය. සියලු සංශෝධනවල ඇතුළත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වන විටත් පාර්ලිමේන්තු මහ ‍ලේකම් ධම්මික දසනායක මහතා වෙත භාරදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනතා විමුක්‌ති පෙරමුණ මීළඟ මහ මැතිවරණයේදී සීනුව ලකුණින් තනිව තරග කරන බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13 දා) සඳහන් කළේය.කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ සමඟ සන්ධානගතවීමට කටයුතු නොකරන බවද හෙතෙම කියා සිටියේය.

රගර් ක්‍රීඩක මොහොමඩ් රෆීක් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ මරණ පරීක්ෂණ වාර්තා හා ඊට අදාළ ඡායාරූප රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන ස්ථානාධිපතිවරයාට හා අධිකරණයට භාර දෙන්නැයි අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිවු දෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (13) නියෝග කළේය.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us