රාඩා ආයතනයට මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 1670ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ආයතනයේ ගණන් තැබීමේ නිලධාරියා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාට දැනුම් දෙයි.

බොදු බල සේනා සංවිධානය අද දින මාධ්‍ය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය බටහිර කුමන්ත්‍රණයක් බවට ගෙන යන ප්‍රචාරයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියා මාර්ග ගන්න බව දැඩිව අවධාරණය කර තිබේ. එමෙන්ම එම සංවිධානය මෙම බටහිර කුමන්ත්‍රණයක් බවට ගෙන යන ප්‍රචාරය දේශපාලන කොන්ත්‍රාත්තුවක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

මුල්‍ය අපරාධ  ඒකකය, හිටපු යුක්රේන තානාපති උදයංග වීරතුංගගේ පෞද්ගලික බඩු  බාහිරාදිය ඇතුලත් කන්ටේනරයක් පරික්ෂ කිරීම සඳහා උසාවියේ අවසරය ඉල්ලා තිබේ. මේ වනවිට මුල්‍ය අපරාධ  ඒකකය මගින්  උදයංග වීරතුංගට අදාළ පැමිණිලි  දෙකක් පිළිබඳ  විභාග කරමින් පවතියි. 

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පවුලේ ව්‍යාපාරයක් වන වයඹ ඩිස්ටලරිස් සමාගමේ දෙමටගොඩ ගබඩා සංකීර්ණයක නීති විරෝධි ලෙස අසුරා තිබූ මත්පැන් බෝතල් 68,603 (ලීටර් 20824) හී දඩය රුපියල් මිලියන 21 ක් බව හෙළිවේ.

අවුරුදු 26 කට පසුව ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද අත්සනක් සහිතව ආන්දෝලනයකකට තුඩු දුන් නව මහ බැංකු අධිපතිවරයාගේ අත්සනින් යුතුව අලුත් මුදල් නෝට්‍ටු නිකුත් කර ඇත.

කුමන ආකාරයේ සාකච්ඡා පැවැතියද දූෂිතයන් ආරක්‍ෂා කිරීමට අවස්ථා ලබා නොදෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. වේයන්ගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් රණතුංග මහතා එම අදහස් පළ කළේය.

සුනාමි නිවාස ඉදිකිරීම සඳහා ඉකුත් රජය සමයේ පිහිටුවා තිබූ රාඩා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ සාලිය වික්‍රමසූරිය මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජපක්ෂ යුගයේදී ඛනිජ තෙල් සංස්ථාව බිලියන 238.85 ක පාඩුවක් ලබා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.

 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us