ඉන්දියාවේ දිමාපූර් නගරයේදී ස්‌ත්‍රී දූෂකයකු යෑයි සැකකර වාහන අලෙවි කරන්නකු වූ සයිඩ් ෆරීඩ් කාන් නැමැත්තා මරා දැමීම සම්බන්ධව 22 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
රුසියානු උප අගමැති ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
පසුගියදා ක්‍රෙම්ලිනය ආසන්නයේ පාලමක් මත සිය පෙම්වතිය සමඟ ගමන් කරමින් සිටි රුසියාවේ හිටපු උප අගමැතිවරයෙක් වූ බෝරිස් නෙම්ට්සොව් ඝාතනය කරනු ලැබුවා. එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් බවට පවසන අන්සොර් ගුබෂෙව් සහ සයුර් ඩඩෝයෙව් යන දෙදෙනා අත්අඩංගුවට ගත් බව ප්‍රධාන රාජ්‍ය විමර්ශන කමිටුව පවසයි.
මීට වසරකට පමණ පෙර අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය දකුණු ඉන්දීය මුහුදු ප්‍රදේශයෙන් සොයාගත හැකි බවට තමන්ට විශ්වාසයක් ඇතැයි මැලේසියානු ප්‍රවාහන ඇමතිවරයා පවසා තිබේ.
අයි.එස් සටන්කාමීන් විසින් ඉරාකයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් පෞරාණික නගරයක් වන නිම්රුඩ්හි පුරාවස්තු සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබ තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩෝසර් යොදා ගනිමින් සටන්කාමීන් මෙම නගරය විනාශ කර ඇති බවයි.
‘India's daughter’ චිත්‍රපටයට එරෙහි විරෝධය උග්‍ර වෙයි
2012 වර්ෂයේ ඉන්දියාවේ සිදුවූ සමූහ අතවරය අලලා නිර්මාණය වූ ‘India's daughter’ චිත්‍රපටය සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.
දකුණු කොරියාවේ සියොල් නගරයේදී එල්ල වූ ප්‍රහාරයකින් එරට අමෙරිකානු තානාපති මාක් ක්ලිපර්ට් තුවාල ලබා තිබේ.
මාලදිවයිනේ හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා
අත්අඩංගුවේ පසුවන මාලදිවයිනේ හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මොහමඩ් නෂීඩ් රජය විසින් නිදහස් කරනතුරු ජනතාව සමග එක්ව වීදි විරෝධතා පවත්වන බව මාලදිවයිනේ විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.
අල්කයිඩා නායකයාව සිටි ඔසාමා බින්ලාඩන් සතු ඩොලර් මිලියන 64 ක් වටිනා පුද්ගලික ගුවන් යානාව ඇමරිකාවේ මියාමි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.